රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට යෝජනා — 1

Akila Darshana Panditha
2 min readJun 16, 2021

රාජ්‍ය සේවයේ තිබෙන අකාර්යක්ෂමතාවය හා මුදල් නාස්තියට බලපාන ලොකුම හේතුවක් තමා අමාත්‍යංශ වල ප්‍රධාන වගකීමට අමතරව ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සේවා හා යටිතල පහසුමක් සම්බන්ද දේවල් නිසි ලෙස මද්යගතව පාලනය නොවීම

උදාහරණයක් විදිහට වාහන , ගොඩනැගිලි නඩත්තු කිරීම් , IT / communication සම්බන්ද දේවල් , ආරක්ෂක කටයුතු , කාර්යාල ලිපිද්‍රව්‍ය හා අනෙතුක් පහසුකම් මේ වර්ගයට ගැනෙනවා

සරල උදාහරණයක් ගත්තොත් අද එක අමත්යන්ශායක වාහන අතිරික්තයක් තියෙද්දී අනිත් එකක ලොකු හිගයක් තියනවා . ඒ වගේම IT සම්බන්ද දේවල් වලදී ICTA එක හිටියත් තාමත් අමාත්‍යංශ තමන්ට ඕනේ විදිහට වැඩ කරන්නේ . ඒ වගේම තම වාහනයක උපකරණයක් මිලසි ගන්න ගියත් ඒවා වෙන වෙනම තම වෙන්නේ . ඉතින් එකම රජයක් රාජ්‍ය සේවයක් උනත් අමාත්‍යංශ වෙන වෙනම වැඩ කරන නිසා වෙලා තියෙන්නේ එකම ප්‍රශ්නේ විසදන්න කට්ටිය වෙන වෙනම මහන්සි වෙන එක .

මම මේකට යෝජනා කරන්නේ අමාත්‍යංශ වල ක්‍රියාකාරිත්වයට අවශය අමතර සේවා හා යටිතල පහසුකම් පාලනය කිරීම මධ්‍යගත කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අමාත්යංශය මොනවා උනත් වාහන නඩත්තු වෙන්නේ මිලදී ගන්නේ එක තැනකින් . ගොඩනැගිලි ටික පාලනය වෙන්නේ එක තැනකින් ඒ වගේ . මෙහෙම උනාම ඒ ඒ විෂයට අදාල සුදුසුකම් තියන සේවකයෝ නිසි පරිදි බදවාගෙන මනා පාලනයකින් වැඩ කරන්න පුළුවන් . ඒ වගේම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියන මේ සේවා වල වැටුප් විෂමතා මේකෙන් විසදෙනවා. අදටත් යම් දුරකට මේ හා සමාන ක්‍රියාපටිපාටි තිබ්බත් ඒවා ක්‍රියාත්මක කිරීමට නිසි රාමුවක් නැතිවීම ලොකුම ප්‍රශ්නයක්

අදාල අමාත්යංශය තමන්ගේ විෂය ගැන විතරක් අවධානය යොමු කරලා වැඩ කරන්න පුළුවන් . සේවා සදහා අවශ්‍ය පුරිස අනුයුක්ත කරලා තියන්න පුළුවන් ( පුද්ගලික අංශයේ බාසාවෙන් outsourced / onsite )

මෙහෙම කරන්න බැරි හේතු ඕනේ තරම කියන්න පුළුවන් ඇති නමුත් තියන ප්‍රශ්න වලින් ගොඩ එන්න නම් මේ වගේ රැඩිකල් වෙනස්කම් නොකර බැරි තත්වෙකට අපේ රාජ්‍ය සේවය අද පත්වෙලා තියෙන්නේ

--

--

Akila Darshana Panditha

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything