කෙඩිට් කාඩ් එක නිවැරදිව පාවිච්චි කරමු

Akila Darshana Panditha
4 min readApr 1, 2021

Using Credit Cards — The correct Way

https://www.marketplace.org/wp-content/uploads/2020/08/credit.jpg?fit=2880%2C1620

කෙඩිට් කාඩ් එහෙමත් ණය කාඩ්පත් කිව්වම ගොඩක් දෙනෙක්ගේ තියෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්. ඇත්තටම මේ credit card ඔය කියන තරම් නරකද ???

උත්තරේ ඔව් හා නැ කියන දෙකම. ඇත්තටම මෙතන වෙන්නේ කාඩ් එකට වඩා හොද නරක තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ විදිහ අනුව . තමන්ට නිසි පාලනයක් නැත්නම් credit card පාවිච්චි නොකර ඉන්න තරමට හොදයි .

අපි බලමු මේ credit card කියන්නේ මොනවාද කියල . නමේම තියන විදිහට මේක මුල්‍ය ආයතනයකින් ඔබට දෙන ණය පහසුකමක් . ඔබට credit card එකක් දෙන්න කලින් ඔබගේ අදායම වත්කම් ගැන හොයල බලල ඔබගේ ආර්ථික මට්ටම අනුව දෙන කාඩ් එකේ ණය ප්‍රමාණය තීරණය වෙනවා . වෙනත් ණය වර්ග වෙනුවට මේකේ තියන විශේෂත්වය තමා ණය සීමාව ඇතුලේ ඔබට කැමති විදිහට ණය පහසුකම ලබාගන්නත් ගෙවන්නත් පුළුවන් වෙන එක

අපි බලමු credit card එක්ක පාවිච්චි වෙන සාමාන්‍ය යෙදුම් වල තේරුම් ගැන

  • Credit Limit / Cash Limit

මේ කියන්නේ credit card එකෙන් ඔබට ලැබෙන ණය සීමාව. මේක ඔබගේ අදායම් තත්වය වගේම කාඩ් එක පාවිච්චි කරන විදිහ අනුවත් වෙනස් වෙනවා . ඒ වගේම ගොඩක් කාඩ් වල මුදල් ලෙස ලබාගත හැකි සීමාව වෙනම සදහන් වෙනවා

  • Interest Rate

මේක ඔබ ගන්න ණය වෙත අදාල වෙන පොලි අනුපාතය . පොලිය ගණනය වෙන්නේ කොහොමද කියන එක වෙනම කතා කරනවා

  • Statements / Statement Due dates / Minimum Payment

ඔබගේ credit card එකෙන් කරන ගනුදෙනු ගිණුම් ප්‍රකාශයක් ලෙස අදාල ආයතනය ඔබට එවීමට සලස්වනවා . මේක සම්මතයක් විදිහට මාසිකව කරන දෙයක් .

උදාහරණයක් විදිහට statement period එක හැම මාසෙම 30 වෙනිදා ඉදල ඊලග මාසේ 30 වෙනකන් කියමු . එතකොට ඒ කලේ ඇතුලත ඔබ මිලදී ගත්ත දේවල් හා ගෙවපු ගෙවීම් එකතු කරලා පරණ ණය තියනවා නම් ඒවත් එකතු කරලා අදාළ ගාස්තු පොලි එකතු කරලා ඔබට ප්‍රකාශයක් විදිහට එවනවා . මේක තම ඔබේ Statement එක. එකේම ඔබට සදහන් කරලා එවනවා ඔබ ගෙවිය යුතු අවම ගෙවීම ( minimum Due ), ගෙවිය යුතු මුළු ප්‍රමාණය ( Balance Due ) හා ගෙවිය යුතු දිනය ( Statement Due Date )

ක්‍රෙඩිට් කාඩ් එකකට ගෙවීම් කරන්නේ කොහොමද ??

ඔබට statement එක ලැබුනට පස්සේ එකේ තියන මුළු මුදලම හෝ අවම ගෙවීම අදාල දිනයට පෙර කරන්න ඕනේ . අනිවාර්යෙන්ම අඩුම තරමින් අවම ගෙවීම කරන්න ඕනේ

ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ ??

අවම ගෙවීම අදාල දිනයට කලින් ගෙව්වේ නැත්නම් අදාල ආයතනයෙන් ඔබට දඩ මුදලක් ( late payment fee ) අයකරනවා වගේම ප්‍රමාද වීම ඔබගේ CRIB report එකටත් ඇතුලත් වෙනවා

පොලිය හැදෙන්නේ කොහොමද ??

ඔබ statement එකක තිබෙන මුළු මුදලම අදාල දිනයට පෙර ගෙව්වොත් කිසිම පොලියක් එකතු වෙන්නේ නැ . සම්පුර්ණ මුදලින් කොටසක් පමණක් ගෙව්වොත් ඊලග මාසෙදි ඒ statement එකේ තිබෙන සම්පුර්ණ ගනාටම පොලියක් ගෙවන්න වෙනවා .

උදාහරණයක් විදිහට

statement එකේ මුළු ගණන 10000/= ඔබ ගෙවනවා 5000/= . නමුත් ඊලග මාසේ ඔබට සම්පුර්ණ 10000/= ටම මාසෙකට පොලිය ගෙවන්න වෙනවා . මේක තම ගොඩක් අය වරද්දගන්න තැන .

ඊලග මාසෙදි statement එක හදනකොට ඔබ කලින් ගෙවපු 5000/= අයින් වෙලා ඉදිරියට එන්නේ 5000/= ක් හා එකතු වෙච්ච පොලිය විතරයි

0% interest ( පොලි රහිත ) පහසු ගෙවීම් ක්‍රම වැඩකරන්නේ කොහොමද ??

මේවගේ පොලි ඇති හෝ නැති පහසු ගෙවීම් ක්‍රම වලදී වෙන්නේ ඔබ ගන්න භාණ්ඩයේ වටිනාකම ඔබගේ credit card එකෙන් block කරනවා . ඊට පස්සේ මාසිකව අදාල වාරිකය ඔබගේ statement එකට එකතු කරනවා . ඒ මාසේ ඇතුලත කියල තියන විදිහට ගෙව්වොත් ඔබට පොලියක් එකතු වෙන්නේ නැ ගෙව්වේ නැත්නම් ඒ වාරිකයට ඒ මාසේ ඉදලා සාමාන්‍ය විදිහට පොලිය එකතු වෙනවා

ඇත්තටම මෙතැනදී වෙන්නේ එක පාර සම්පුර්ණ ගානම statement එකකට දන්නේ නැතුව වාරික විදිහට කොටසින් කොටස එකතු කරන එක. එකතු කරපු මොහොතේ ඉදලා සාමාන්‍ය මිලදී ගැනීමක් වගේ තමා

එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් හරි විදිහට පාඩු නොවී පාවිච්චි කරන්නේ කොහොමද ???

  • credit card එකක් තිබීම හදිසි අවශ්‍යතාවකදී ඉතාම වටිනවා .
  • අත්‍යවශ්‍යම වේලාවකදී ඇරෙන්න මාසේ අන්තිමට ගෙවාගන්න බැරි තරම් දේවල් ගන්න එපා . ගෙවාගන්න බැරි උනත් අඩු ගානේ මාස කිහිපයකින් ගෙවන්න පුළුවන් සිමාවේ ඉන්න
  • ප්‍රධානම දේ credit card එකෙන් ඔබට අත්‍යවශ්‍ය දේ විතරක් ගන්න . credit card එක තියන නිසා බඩු ගන්නේ නැතුව බඩු ගන්න නිසා කාඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න
  • තමන්ට අත්‍යවශ්‍ය දෙයක් ගන්න යනකොට 0% පහසු ගෙවීමේ ක්‍රම වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එක පාර සල්ලි ගෙවනවාට වඩා මාසිකව ගෙවන්න ගන්න එක වාසි දායකයි. ඒ ඔබ අදාල මුදල් සම්පුර්ණයෙන් මාසිකව ගෙනවනම් විතරයි
  • තමන්ට ගන්න ඕනේ දේවල් වලට offers , discount එන දවස් බලල ගන්න පුළුවන්. එතකොට වෙනදා යනවට වඩා අඩු ගානකට ඕනේ දේ ගන්න පුළුවන් . මේකත් ඉතින් discount නිසා ගන්නවා වෙනුවට ගන්න ඕනේ නිසා discount හොයන විදිහට කරන්න ඕනේ
  • debit card එකකට වඩා ගොඩක් වෙලාවට credit card එකකට වෙනම insurance තිබෙනවා . වන්චාවකදී ගොඩක් වෙලාවට බැංකු වලින් credit card වලට සහනයක් දෙනවා debit card එකකට වඩා . ඒ නිසා බොහෝ වෙලාවට වඩා ආරක්ෂිතයි
  • ගොඩක් බැංකු වල ඔබගේ වැටුප යවනවා නම් අමතර වාර්ෂික ගාස්තු නැතුව credit card එකක් ගන්න පුළුවන්. මේ වගේ එකක් පාවිච්චි කරද්දී වාර්ෂික ගාස්තුව ඉතුරු කරගන්න පුළුවන්
  • කාඩ් එකක් ගන්න කලින් එකේ තිබෙන ගාස්තු බලන්න ගාස්තු අඩු එකක් තෝරාගන්න . ඒවගේම සමහර credit card වල ඉන්දන වලට එකතු කරන 2% වගේ දේවල් නොමිලේ අයින් කරනවා. ඒවගේ එකක් පාවිච්චි කරන එක ලබයි
  • ගොඩක් කාඩ් වල rewards නැත්නම් cashback ක්‍රම තියනවා . ඒ කියන්නේ තමන්ගේ වියදමින් කොටසක් අපහු points විදිහට ලැබෙනවා . මේ points වලින් අපහු දේවල් ගන්න පුළුවන්.
  • පාවිච්චි කරන credit card ගාන සිමා කරන්න කොච්චර නිකන් දෙන්න හැදුවත් තෝරගත්ත එකක් හෝ දෙකකට සිමා වෙන්න

අන්තිමට කියන්න තියෙන්නේ credit card වලින් බැංකු සල්ලි හම්බ කරන්නේ ඔබ එකට පොලි ගෙව්වොත් විතරයි . නමුත් ඔබ ස්වයං පාලනයක් ඇතුව පාවිච්චි කරලා මාසේ අන්තිමට ගෙවනවා නම් ඇත්තටම ඉතිරියක් කරගන්නත් පුළුවන්

මම අවුරුදු 8ක් credit කාඩ් දෙකක් පාවිච්චි කරනවා අද වෙනකන් පොලි ගෙවල නැ . නමුත් ගොඩක් අයට මේ ස්වයංපාලනය නැ . ඔන්න ඕක නිසා තම credit card නරකයි කියන්නේ

--

--

Akila Darshana Panditha

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything