un popular opinion — ඇමතිලා මන්ත්‍රී ලා අමාත්‍යංශ නිලධාරීන් Landcruiser / Prado ගත්තට කමක් නැ

( වචන තුනක් කියවල රෙදි උස්සගන්න කලින් කියන්නේ මේ කතා කරන්නේ ආර්ථිකේ බින්දුවට වැටිලා වසංගතයක් ඔලුවටත් උඩින් ගිහිල්ල තියන වෙලාවක ඔක්කොටම කලින් ඉක්මන් කරලා අලුත් වාහන ගෙන්වන එක ගැන නෙවේ )

රාජ්‍ය සේවයේ , රජයේ වැඩකටයුතු වලට රාජකාරි වලට වාහන අවශ්‍ය වෙනවා කියන එක ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. අවශ්‍යතාවය අනුව ඒ ඒ රාජකාරි සදහා සුදුසු වාහන මිලදී ගන්නත් වෙනවා . ලගකදී ඉදල මේ කරලියට ඇවිත් තියන වාහන හුට පටය ගැන ගොඩක් දෙන බලන්නේ බොහොම පිළිකුලෙන් . ඇත්ත එහෙම බලන එක සාදාරනයි .

නමුත් මෙතැනදී දේශාලනිකව මේක උස්සල පෙන්නද්දී වෙන වැරදි කිහිපයකුත් තියනවා ලොකුම එක වාහන වල වියදම — ඇත්තටම රජයට වාහන ගෙන්වද්දී බදු අදාළ වෙනවද ? නැ . එතකොට මේවට යන්නේ ඇත්තටම සාමාන්‍ය කෙනෙක් බදු ගෙවල ගන්න ගානට වැඩ අඩු වියදමක් ( විපක්ෂේ අලුත් වාහන වල ගණන් කියද්දීත් ආණ්ඩුව කලින් ආණ්ඩුවේ වහන වල ගණන් කියද්දීත් මේ වැරැද්දම කියනවා )

මෙතන තියන ලොකුම ප්‍රශ්නේ වාහන ගෙන්වන එක නෙවේ . ගෙන්වන වාහන පාවිච්චි වෙන්නේ කොහොමද අවුරුදු පහක් ගියාට පස්සේ ඒවාට වෙන්නේ මොකක්ද කියන එක. ඒ ගැන පියවරෙන් පියවර බලමු.

1. නිල වාහන සම්බන්ධ නිසි මාර්ගෝපදේශ

රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම අමාත්‍යංශ වල ඉහල පුටු ( ඇමති , ලේකම් වගේ ) අලුතින් පත් උනාම එයාලට අලුත් වාහන ඕනේ වෙනවා . මෙන්න මේක නවත්තන්න ඕනේ ඒ හැම තනතුරකටම හරි නිර්දේශනයක් දෙන්න ඕනේ පාවිච්චි කාරන්න පුළුවන් වහනය ගැන . උදාහරණයක් විදිහට ඇමති කෙනෙකුට නම් Landcruiser වර්ගයේ ඩිසල් රථයක් නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 6 කට වැඩ පරණ නැති වගේ නිතියක් . එහෙම වාහනයක් නැත්නම් ගෙන්වන එක ප්‍රශ්නයක් නැ .

2. වාහනයක් කල් ගතවීමේදී එකට මොකක්ද කරන්නේ කියන එක ගැන නිසි මාර්ගෝපදේශ

ඇමති කෙනෙකුට අවුරුදු 6කට නොඅඩු වාහනයක් දෙනවා කියන්නේ හැම අවුරුදු 6කට වරක් කලින් තිබ්බ එක ඇමති කෙනෙක්ගේ පාවිච්චියෙන් ඉවත්වෙනවා කියන එක . එහෙම වෙනකොට ඒ වාහනේ වෙනත් කටයුත්තකට පාවිච්චි කරනවද ( අමාත්‍යංශ ලේකම්ට වගේ ) නැත්නම් වෙන්දේසි කරනවද වගේ කරන්න ඕනේ දේ හරියට නිර්දේශ වෙන්න ඕනේ. අද ගොඩක් වෙලාවට මේ දේ නැති නිසා පාවිච්චියට ගන්න පුළුවන් නිකරුනේ වාහන විනාස වෙනවා

3. වාහන මිලදීගැනීම හා නඩත්තුව නිසි තාක්ෂණික කමිටුවක් විසින් ක්‍රියාත්මක කිරීම

අද කාලේ රජයට වාහන ගන්නවා කියන්නේ එක එක අමාත්‍යංශ වලින් එකක එක තැන වලින් ඕනේ ඕනේ වෙලවට වෙන දෙයක් . මේක නිසා එකක එක මාදිලියේ වහන සේවයට එකතු වෙනවා ඊට පස්සේ ඒවා නඩත්තු කිරීම ලොකු ප්‍රශ්නයක් වෙනවා . ඇමතිලා මන්ට්‍රිල උනත් තම තමන්ට අස වාහන ගන්න එක වෙන්නේ මේක නිසා . ඉතින් මධ්‍යම කමිටුවක් මගින් නිසි තාක්ෂණික කරුණු බලල සීමිත වාහන මාදිලි කිහිපයක් අදාල අවශ්‍යතා වලට ගැලපෙන විදිහට මිලදී ගැනීම කරනවා නම් නාස්තිය අවම වෙනවා . ඒවගේම ගන්න වාහන වල නඩත්තුව නිසි පරිදි කරවන එකත් තාක්ෂණික නිසිපරිදි කරන්න ඕනේ. සරලව කියනවා නම් ආණ්ඩුවට නිසි fleet management එකක් තියෙන්න ඕනේ

landcruiser v8 , prado වගේ වාහන කියන්නේ අවුරුදු 10–15ක් නිසි නඩත්තුව යටතේ හොදින් පාවිච්චි කරන්න පුළුවන් වාහන එහෙම එකක් ගෙනල්ලා එක නිසි පරිදි පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැ එක දරන්න බැරි තරම් ලොකු බරක් වෙන්නෙත් නැ . හැබැයි Benz , BMW වගේ ඒවා උස්සන් එන එක නම් ඉතින් දරන්න බැරි වියදම් තම.

මේක ඇමති මන්ත්‍රී ලේකම් විතරක් නෙවේ අනෙකුත් නිලධාරී වාහන මෙන්ම සියලුම රජයේ වාහන වලටත් අදාලයි . ප්‍රශ්නේ තියෙන්නේ වාහන ගෙන්වන එකේ නෙවේ . ගෙන්වන වාහන පාවිච්චි කරන්න නිසි ක්‍රමවේදයක් නැති එකේ . ක්‍රමවේදයක් තියනවා නම් ගෙන්වන වාහන සල්ලි අපතේ යන්නේ නැ.

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything