Hazard strip මකා විත්‍ර ඇදීම සුදුසු නැත්තේ ඇයි ?

පසුගිය දිනවල බුකියේ වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක් උනේ දෙහිවල ගුවන් පාලම යට ඇඳපු සිතුවම. පසුගිය කාලයේ ආරම්බ උන රට ලස්සන කිරීමේ තරුණ රැල්ලත් සමග බොහෝ දෙනා තම ධනය කාලය වැයකරගෙන පොදු ස්ථානවල බිත්ති පිරිසිදු කර ලස්සන විත්‍ර ඇදීම සිදුකලා. බොහෝ දෙනා ඒ උන්සහයන් ඉහලින් වර්ණනා කලත් දෙහිවල ගුවන් පාලම යට ඇඳපු සිතුවම ගැන විවිධ මත පළවුනා . යම් අය එය විවේචනය කරද්දී අනික් අය එය සදරණය කරන්න විවිද හේතු ගෙනාවා .

එසේ විවේචනය කරපු ය අතර කැපී පනෙන කෙනෙක් උනේ මගේ මිත්‍ර ආචාර්ය චමෝද් හෙටිටිආරච්චි මහතා . සාමාන්‍යය මෙන් නොව ඔහුගේ විවේචනය විශේෂ එකක් මොකද ඔහු අදාල විෂය සම්බන්ධව ගැඹුරින් හදාරපු මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ආචාර්ය වරයෙක්. ඔහු විසින් ඉදිරිපත් කල කරුණු පැහැදිලි කිරීම් කිහිපයක් පහත සදහන් වේ.

ඒවගේම කියන්න ඕනේ චමෝද් මහතා හා මම කිසිදු දේශපාලනික යටි අරමුණක් ඇති අයවලුන් නොවන වග. අදාල නිර්මාණය කිරීමට දායක වූ සියලු දෙනාගේ උත්සාහය හා කැපවීම ඉහලින්ම අගය කරන අතර නොදැනුවත් කම හා ඇතැම් අයගේ නොමග යැවීම නිසා ඔවුන් පත්වූ අදහසුතාවය ගැන හදවතින්ම කණගාටු වෙනවා . මේ ආකාරයේ දෙයක් කිරීමට පෙර සිතාබැලීමට හා සුදුසු තැනක් පමණක් තෝරාගැනීමට හා මහජනතාවගේ දැනගැනීම උදෙසා මේ සටහන තබමි.

ප්‍රශ්නය : Hazard strip එකක් නැත්නම් Hazard board එකක් කියන්නෙ මොකක්ද ??

පිළිතුර : Hazard strip එකක් නැත්නම් Hazard board එකක් කියන්නෙ මාර්ග අනතුරු අවම කරගන්න තියෙන එක්තරා ක්‍රමයක්. මේව ආවට ගියාට හැමතැනම ගහන්නෙ නැහැ. සාමන්‍යයෙන් මේව ගහන්න කලින් safety audit එකක් කරනවා. ඔය වගේ ගුවන් පාලම් වගේ තැන් වල විශේෂයෙන් විශ්ලේෂණය කරලා safety audit report එකේ නිර්දේශ කරනවා අදාල ස්තාන වලට අවශ්‍ය වන්නෙ මොන වගේ උපක්‍රමයක්ද කියලා. සමහර තැන් වල වීදි ලාම්පු, පැති බැමි, sign boards, Hazard strips, ජලය බැස යාමට කානු පද්ධති වගේ පොඩි පොඩි වැඩ ඉදන් වංගු කෙලින් කරලා පාර හදන එක, පාලම් පුලුල් කරන එක වගේ විශාල වැඩ පවා කරනවා. ඉතින් එහෙම ලොකු ශ්‍රමයක් දාලා experts ලගෙ opinions අරගෙන තමයි ගොඩක් රටවල් වල මාර්ග අනතුරු අවම කරගන්නෙ. ලංකාවෙත් යම් තරමකට ඔය දේ වෙනවා.

ප්‍රශ්නය :දෙපැත්තෙන්ම ඉතුරු කරල තියෙනවා, චිත්‍රෙ ලුමිනස් කහ පාටයි ඉතිත් ප්‍රශ්නයක් නෑ නේ

පිළිතුර : ඒවා එහෙම සරල නැහැ. Hazard sign board එකක් කියන්නෙ සම්පූර්ණ board එකම මිසක් භාගයක් නෙමේ. ඔය කහ පාටයි කලු පාටයි තීරු රටාව ගැන පර්‍යේශන විශාල සංඛ්‍යාවක් කරලා තමයි දැන් පාවිච්චියට ගන්නෙ. කහ පාට කියන්නෙ අපේ දෘශ්ටි විතානය මත වැටුනාම වැඩියෙන්ම උත්තේජනය කරන පාට. සාමාන්‍යෙන් වර්ණ අන්ධතාව තියෙන කෙනෙක්ට උනත් කහ පාට උත්තේජනය වෙනවා. ඒක නිසා ඔය hazard strips vala කහපාට මතු කරලා පෙන්නන්න කලු පසුබිම යොදා ගන්නවා. ඉතින් අපි කහ පාට කලු පාට ඉරි ඉරි දැක්ක ගමන් අපේ අවධානය එතෙන්ට යොමු වෙනවා. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ කහ පාටයි කලු පාටයි අවධානම පෙන්නන්න යොදාගෙන තියෙන නිසා ඔය hazard strips දැක්ක ගමන් අපි පොඩ්ඩක් alert වෙන්න ගන්නවා. ඉතින් මාර්ග අනතුරු අවම කරන්න මේ උපක්‍රමය භාවිතා කරනවා. දැන් ඔය බෝඩ් වල භාගයක් වහලා චිත්‍ර ඇදලා ඒ සම්පූර්ණ බෝඩ් එකේ purpose එක විනාශ වෙලා තියෙන්නෙ. ඉස්සර පෝස්ටර් තිබ්බ කාලෙ මුකුත් කිව්වේ නෑ දැන් එක එක ඒවා කියනවා කියල ගොන් කතා කියන්න එපා. ඒ කාලෙත් කියල තියෙනවා. අනික පෝස්ටර් තියෙනවනම් ඒව ගලෝල hazard strips recover කරනව මිස ඒක උඩ චිත්‍ර ඇදල හරියනවද.

ප්‍රශ්නය : සමහර පාලම් යට Hazard strip ඇඳල තියෙන්නෙම දෙපැත්තේ විතරයි ඉතින් මෙතනත් එහෙම උනාම ඇතිනේ

පිළිතුර : ඔතන හතරමං හන්දියක් නෙමේ. වාහන යන්නේ එක අතකට විතරයි . traffic සහ පදිකයන්ගේ movement ගොඩක් අඩුයි. ඉතින් දෙපැත්තේ Hazzard strips තිබුනම ඇති. තැන් දෙක දෙකක්. සංසන්දනය කරන්න බැහැ.

ඔය hazard strips වල ගාන ආලෝක පරාවර්තක තීන්ත (retro-reflective paint ) ටිකක් ගණන්. පාරවල් වලට ගන්න ඉස්තරම් තත්වයේ තීන්ත ලීටරයක් රුපියල් 25000.00 ක් වගේ වෙනවා. ඉතින් ආවට ගියාට හැමතැනම ඔය paint එක ගාන්නේ නැහැ අවශ්‍යම තැනක ඇරෙන්න. දැන් බලමු ඇයි ඔතන ඔහොම රටාවකුයි, දෙහිවල හතරමං හන්දිය යට සම්පුර්ණයෙන්මයි ගාලා තියෙන්නේ කියල. ඇත්තටම කැලණියේ විතරක් නෙමේ, දෙහිවල ගුවන් පාලමේත් අනිත් කණු (piers ) වල ගාල තියෙන්නේ දෙපැත්තේ විතරයි (රූපය 2). කොටින්ම ඔය චිත්‍ර ඇදපු බිත්තියේ ඇතුල් පැත්තේ ගාල තියෙන්නෙත් දෙපැත්තේ විතරයි (රූපය 3).

රූපය 2:දෙහිවල ගුවන් පාලම (අනිකුත් කුළුණු)
රූපය 3 :චිත්‍ර ඇති කුළුණු පාදමේ ඇතුල් පැත්ත

ඉතින් එතැනින්ම හිතාගන්න පුළුවන් වෙන්න ඕනෑ මේ බිත්තිය පුරා hazard pattern එකක් ඇදල තියෙන්නේ නිකන් නෙමේ කියල. සරලවම කියනවනම් ඔතන තියෙන්නේ හතරමං හන්දියක්. අනිත් තැන් වල තියෙන්නේ කෙලින් අතට යන පාර. එතකොට අනිත් තැන්වල පාර අයිනේ තියෙන කණුව පෙන්නන්න දෙපැත්තේ කොන් වල විතරක් පාට කලහම ඇති. එතකොට ඇයි හතරමං හන්දියකට ලොකු hazard pattern එකක් අවශ්‍ය ? මේක ගැන කතා කරන්න පහල තියෙන පින්තුරේ ගම්මු (රූපය 4).

රූපය 4 : හතරමං හන්දියක අනතුරු ඇතිවිය හැකි ස්ථාන (Conflict points )

ඔය රතු පාටින් තියෙන්නේ හතරමං හන්දියක වාහන එකට එකක් හැප්පෙන්න පුළුවන් අවස්ථා. කහපාටින් තියෙන්නේ වාහන සහ පදිකයන් හැප්පෙන්න පුළුවන් අවස්ථා. සාමාන්‍යයෙන් පාලනය නොකරන ලද හතරමං හන්දියක වාහන ගැටෙන්න පුළුවන් අවස්ථා 32 ක් සහ පදිකයන් ගැටෙන්න පුළුවන් අවස්ථා 24ක් තියෙනවා. ඔය ගණන අඩු කරන්න තමයි සිග්නල් ලයිට් දාල එක එක වෙලාවට එක එක පාරවල් සක්‍රිය කරන්නේ. දෙහිවලත් ගුවන් පාලමක් සහ කලර් ලයිට්ස් නිසා ඔය ගණන තරමක් අඩු උනත් ගුවන් පාලමට පහලින් බස් සහ අනිකුත් පාරවල් වලින් එන වාහන පාලම යටින් යන නිසා සාමාන්‍ය හතරමං හන්දියක් වගේම අනතුරු අවස්ථා වැඩියි. අනික කුළුණු පාදම් නිසා දර්ශන පථයට බාධා වෙන නිසා අනතුරුදායක බව වැඩියි කියල කියන්නත් පුළුවන්. ඒක නිසා තමයි ඔය හතරමං හන්දියට මුහුණ දාල තියෙන තාප්පේ පුරාවටම hazard pattern එකක් ඇදල තියෙන්නේ. අනිත් කරුණ තමයි මෙතන තියෙන පදික මාරුව (රූපය 5).

රූපය 5:දැන් චිත්‍ර ඇද ඇති තාප්පය සහ ඊට ඉදිරිපසින් ඇති පදික මාරුව

ගල්කිස්ස පැත්තේ ඉදන් කොළඹ පැත්තට යන වාහන වලට වගේම hill street එකේ ඉදන් කොළඹ පැත්තට යන වාහන වලටත් හතරමං හන්දියේ සීමාවන් පෙන්නන්න වගේම ඉස්සරහ තියෙන තාප්පේ ගැන අනතුරු ඇගවීම කරන්න තමයි ඔය hazard pattern එක මුළු තාප්පේ පුරාම ඇදල තියෙන්නේ. තව එකක් තමයි hill street එකේ ඉදන් කොළඹ පැත්තට යන වාහන සාමාන්‍යයෙන් දකුණට හරවනකොට රියදුරන් වම් පැත්ත ගැන වඩාත් සැලකිලිමත් වෙනවා ගල්කිස්සේ ඉදන් කොළඹ පැත්තට වාහන එනවද කියල බලන්න. එතකොට දකුණු පැත්ත නිකන්ම blind spot එකක් වෙනවා. දැන් හිතන්න වම් පැත්තෙන් එන වාහන ගැන අවධානය යොමු කරගෙන දකුණට (කොළඹ පැත්තට) හරවන වාහනයක් සහ කහ ඉර (සුදු ඉර) පනින මගියෙක් ගැන. ඔය hazard strip එක නිසා රියදුරා ඒ පැත්ත ගැනත් වැඩි අවධානයක් ඉබේම යොමු වෙනවා. එතකොට පාර පනින මගියා දැකීමේ සම්භාවිතාව වැඩියි. දැන් ඔය hazard strip එක වෙනුවට එක එක මිනිස් රූප ගොඩක් තියෙන චිත්‍රයක් පසු බිමේ තියෙන එක ගැන හිතන්න. hill street එක පැත්තේ ඉදන් sea side එක පැත්තට පාර පනින කෙනෙක් ඔය චිත්‍ර ඉස්සරහින් පාර පනිද්දී hill street එකේ ඉදන් කොළඹ පැත්තට හරවන වාහනයක් හරි ගල්කිස්ස පැත්තේ ඉදන් කොළඹට යන වාහනයක් හරි ඒ පාර පනින මගියව වෙන් කරලා අදුන ගන්න යන කාලය වැඩි වෙන්න පුළුවන්. හරියට ක්‍රිකට් පිට්ටනියක සුදු පාට sight screen එකේ ලෙදර් බෝල ගොඩක් ඇන්දොත් හරියට බැට් කරන්න අමාරුයි වගේ තමා. අන්න ඒකයි ඔය hazard strip එක වඩාත් වැදගත් වෙන්නේ.

මුලාශ : ආවාර්ය චමෝද් හෙටිටිආරච්චි මහතාගේ ලිපියකිනි. ( ලිපිය බලන්න )

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything