සාමාන්‍ය වැඩ වලට ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද ?

https://s.wsj.net/public/resources/images/BN-US210_PTECH__P_20170816160839.jpg

ගොඩක් අය මේ දවස් වල ලැප්ටොප් ගන්න අහන නිසා මගේ recommendation මෙහෙම ලියන්නම්

1. පාසල් ළමයෙකුට online class කරගන්න සාමාන්‍ය word excel වගේ පාවිච්චි කරන්න අවම වශයෙන්

Intel Pentium Gold / Intel Celeron Processor එකක්
4GB RAM
අගල් 14 හෝ 15.6 Screen එකක්
250GB හෝ වැඩි HDD එකක්

2. සාමාන්‍ය විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා හෝ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට අවම වශයෙන්

Intel Core i3 හෝ i5 / AMD Ryzen 3 හෝ 5 Processor එකක්
8GB RAM
අගල් 14 හෝ 15.6 Screen එකක්
500GB හෝ වැඩි HDD එකක් ( එකත් එක්ක 128GB SSD එකක් ගන්න පුළුවන් නම් හොදයි )

3. ඉංජිනේරු / IT වගේ විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා අවම වශයෙන්

Intel Core i5 / AMD Ryzen 5 Processor එකක්
8GB RAM ( 16GB නම් වඩාත් හොදයි )
අගල් 14 හෝ 15.6 Screen එකක්
256GB හෝ වැඩි SSD එකක් ( වෙනම HDD එකක් හෝ portable HDD එකක් )

මිට අමතරව design සම්බන්ධව ඉගෙනගන්න කෙනෙක්ට නම් GPU එක ගැනත් බලන්න ඕනේ වෙනවා

ඕනෑම ලැප්ටොප් එකක් upgrade කරනවා නම් වැඩි වෙනසක් ගන්න මුලින්ම කරන්න පුළුවන් දේ SSD එකක් දාන එක , ඊළගට ram එක වැඩි කරන එක

ඉහත තියන උපාංග වලින් එකකට වැඩ අනික හොදයිද බලන්නේ මෙහෙමයි

Processor එක ගත්තොත් ,

Intel හා AMD කියන වර්ග දෙකක් තියනවා දැන් දෙකම එක සමානව හොදයි හැබැයි පරණ AMD ඒවා ගන්න එපා ( Ryzen නොවෙන )

Intel ලගේ Intel Celeron / Pentium G කියන්නේ අඩුම performance තියන ඒවා . ඊට පස්සේ Core සිරිස් එක එකේ Core i3 , Core i5 , Core i7 විදිහට Performance සහ ගාන වැඩිවෙනවා . මේ processor generation විදිහට අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා දැනට තියන අලුත්ම generation එක තමා 11th generation එක . Core i5 10th Gen එකකට වඩා 11th gen එකක් හොදයි

AMD ලගේ ලාබෙට තියන Athlon වගේ processor ගන්න එපා අලුත් Ryzen 3,5,7,9 විදිහට එන ඒවා ඉන්ටෙල් වගේම තමා ගාන හා performance වැඩිවෙන පිළිවෙලට තියෙන්නේ . intel වගේම මෙවගේත් generation එනවා අලුත්ම එක 5ත් generation

RAM එකේදී නම් RAM එක වැඩිවෙන තරමට හොදයි

SSD එකක් ඉතාම හොදයි HDD එකකට වඩා . SSD එකක් තියෙද්දී laptop එකේ on වෙන්න යන කාලය වගේම සොෆ්ට්වරේ එකක් load වෙන්න open වෙන්න යන කාලය අඩු වෙනවා

Screen එක ලොකු වෙන තරමට වැඩ කරන්න ලේසි හැබැයි ලැප්ටොප් එකත් ලොකු වෙනවා . නිතරම ලැප්ටොප් එක අරන් යන කෙනෙක් නම් ඒ ගැනත් හිතන්න

ඒ වගේම ලැප්ටොප් එකක් මිලදී ගනිද්දී මගේ නම් recommendation එක තම පහත කියන වරලත් නියෝජිත ආයතන වලින්ම ගන්න කියන එක. ගාන පොඩ්ඩක් වැඩි උනත් මේ බොහෝ තැන අචුරුදු 3ක වගකීමක් දෙනවා ( සාමාන්‍ය කඩේකින් ගන්නවනම් පොඩ්ඩක් එතන ගැන හොයල බලන්න , රුපියල් 4000–5000 වෙනසක් තිබ්බත් මොනවා හරි උනොත් වගකීමක් නැත්නම් සල්ලි ඔක්කොම අපරාදේ ) . අනිත් එක තම මේ ගොඩක් තැන වලින් genuine windows license එකක් හම්බවෙනවා

  1. Metropolitan M Centers
  2. Abans
  3. Singer
  4. Jhon Keels Office Automation
  5. Softlogic

Unity plaza එක නම් වැඩිය දැනුමක් නැති කෙනෙක් තනියම යන්න හොදම නැති තැනක් .

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything